ගාසා හි විශාලතම රෝහලට ඊශ්‍රායලය කඩා වදියි – පලස්තීනුවන්ට රතු එළියක්

ඊශ්‍රායලය පලස්තීන සිවිල් වැසියන්ට දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා හි තවමත් රැඳී සිටින පලස්තීනුවන් හට වහාම යටත් වන ලෙසට ඊශ්‍රායලය දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

අද අලුයම වන විට අල් ෂිෆා රෝහල් පරිශ්‍රය වැටලීමට ඊශ්‍රායල හමුදාව පියවර ගත්තා.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මුනීර් අල් බර්ෂ් විසින් අල් ජසීරා පුවත් සේවයට පවසනු ලැබුවේ ඊශ්‍රායල හමුදාව වෛද්‍ය සංකීර්ණයේ බටහිර පැත්ත වැටලූ බවයි.

තමන් සිටින පළාත ම අළු දුහුවිලිවලින් පිරී ඇති බවත්, රෝහලේ බටහිර කොටසෙහි විශාල පිපිරුමක් සිදු ව ඇති බවටත් තමන් විශ්වාස කරන බවයි බර්ෂ් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ආක්‍රමණික හමුදා රෝහලේ බිම් මහලේ සෝදිසි කිරීම්හි යෙදී සිටින අතර, තව මොහොතකින් ඔවුන් ඉහළ මහලයට පැමිණෙනු ඇති බවයි.

ඊශ්‍රායල හමුදා පළමුකොට ම ශල්‍යකර්ම සහ හදිසි අනතුරු ඒකක වැටලූ බව ද ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් අධ්‍යක්ෂ මොහොමඩ් සකෝට් පැවසුවා.

කෙසේවෙතත් මේ වනවිට රොයිටර්ස් වාර්තා කරන පරිදි මුළුමනින් ම අල් ෂිෆා හි ස්වාධීනත්වය බිඳ වැටී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11
Video thumbnail
දේශබන්දුට විරුද්ධව දාපු නඩුව නීතියට පටහැනියි - මහාධිකරණය තීන්දු කරයි
02:55
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43


?