ගාසා තීරයේ සෞඛ්‍ය සේවාව තීරණාත්මක මොහොතක

ඊශ්‍රායලය ගාසා තීරයේ ආක්‍රමණයකට සූදානම් වන බවට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු යළි අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත් එය කවදා සිදු වනු ඇති ද යන්න ඔහු ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වත කළේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ටෙල් අවිව් නුවර සිට සිදු කළ රූපවාහිනී දේශනයකදී සඳහන් කර ඇත්තේ මෙය ආරම්භය පමණක් බවයි.

ඊශ්‍රායල සහ පලස්තීනුවන් අතර ඔක්තෝබර් 6 වැනි දින පැවති තත්ත්වයට ආපසු යාමක් නොමැති බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා .

මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මීට පෙර කියා සිටියේ ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධය පිළිබඳව තමා අඟහරුවාදා කළ ප්‍රකාශයට ලැබුණු ප්‍රතිචාරය ගැන කම්පනයට පත් වූ බවයි. ඊශ්‍රායලයට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරය තමා පැහැදිලිවම හෙළා දකින බව ඔහු ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ රික්තයක් තුළ ප්‍රහාර සිදු නොවූ බවයි. ඔහුගේ මුල් ප්‍රකාශයේ ගුටරෙස් මෙසේ ද ප්‍රකාශ කර ඇත: “පලස්තීන ජනතාවගේ දුක්ගැනවිලිවලට හමාස්ගේ බිහිසුණු ප්‍රහාර සාධාරණීකරණය කළ නොහැක”

මේ අතර, ගාසා තීරයේ ඉන්ධන අවසන් වීමත් සමඟ රෝහල් හදිසි සේවා හැර අනෙකුත් සියල්ල නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඊශ්‍රායලය ගාසා තීරයට ඉන්ධන පැමිණීම අවහිර කර ඇති අතර හමාස් සංවිධානය ඉන්ධන ගබඩා කර ඇති බවටයි චෝදනා කරන්නේ.

ගාසා තීරයේ මානුෂීය මෙහෙයුම් ක්‍රියාත්මක කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය පවසන්නේ ඉන්ධන නොමැතිකම හේතුවෙන් තමන්ට කොපමණ ආධාර ලබා දිය හැකිද යන්න පිළිබඳව ඉදිරි පැය කිහිපය තුළ තීරණයක් ගන්නා බවයි.

ඉන්ධන ගාසා තීරයට නොපැමිණියේ නම් අද උදෑසන ඔවුන් එම තීරණය ගනු ඇති.

ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඔක්තෝබර් 7 වනදා සිට 6,500 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවයි.

හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් 1400කට වැඩි පිරිසක් මිය ගිය අතර ගාසා තීරයේ 200කට වැඩි පිරිසක් තවමත් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25