ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය අවදානමේ – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය ‘බිඳී යන තැනකට’ පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

මානුෂීය ව්‍යසනයක් වැලැක්වීමට සුළු කාලයක් ඉතිරිව ඇති බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

ඊශ්‍රායලය විසින් මිලියන 1.1ක ජනතාවකට පැය 24ක් ඇතුළත දකුණු ගාසා තීරයට සංක්‍රමණය වන ලෙස මේ එනවිට නියෝග කර තිබෙනවා.

ඒ, අනුව දහස් ගණනක් පිරිස් වාහනවලින් හෝ පයින් පලා යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ මෙම මහා පරිමාණ ඉවත් කිරීම සඳහාවන ඉල්ලීම අතිශයින් අනතුරුදායක බවයි.

මේ අතර තමන් අපේක්ෂිත ගොඩබිම් ප්‍රහාරයට පෙර ගාසා තීරයේ වැටලීම් කිහිපයක් දැනටමත් දියත් කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

ත්‍රස්තවාදීන් සහ ආයුධවලින් ප්‍රදේශය පිරිසිදු කිරීම සහ හමාස් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් සොයාගැනීම මෙහි අරමුණ බවයි ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ.

මේ අතර එක්සත් ජනපදය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ සිවිල් වැසියන් ඝාතනය නොකිරීමට සෑම පියවරක්ම ගන්නා ලෙසයි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පැවසුවේ ගාසා තීරයේ ‘ආරක්ෂිත ප්‍රදේශ’ සුරක්ෂිත කිරීම සඳහා ඊශ්‍රායලය සමඟ කටයුතු කරන බවයි.

පසුගිය සති අන්තයේ හමාස් සටන්කාමීන් දේශසීමා හරහා සිවිල් වැසියන්ට සහ සොල්දාදුවන්ට පහර දීමෙන් ඊශ්‍රායලයේ 1,300 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.

ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් ඊශ‍්‍රායලය විසින් ගාසා තීරයට දියත් කරන ලද බෝම්බ ප‍්‍රහාරවලින් පුද්ගලයන් 2,000කට ආසන්න පිරිසක් මිය ගිය බව පලස්තීන බලධාරීන් පවසනවා.

හමාස්ගේ ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරය “පාළු දූපතක්” බවට පත් කරන බවට තර්ජනය කර ඇති අතර, එහි වැසියන්ට “දැන් ඉවත්ව යන ලෙස” අනතුරු ඇඟවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?