ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය අවදානමේ – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය ‘බිඳී යන තැනකට’ පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

මානුෂීය ව්‍යසනයක් වැලැක්වීමට සුළු කාලයක් ඉතිරිව ඇති බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

ඊශ්‍රායලය විසින් මිලියන 1.1ක ජනතාවකට පැය 24ක් ඇතුළත දකුණු ගාසා තීරයට සංක්‍රමණය වන ලෙස මේ එනවිට නියෝග කර තිබෙනවා.

ඒ, අනුව දහස් ගණනක් පිරිස් වාහනවලින් හෝ පයින් පලා යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ මෙම මහා පරිමාණ ඉවත් කිරීම සඳහාවන ඉල්ලීම අතිශයින් අනතුරුදායක බවයි.

මේ අතර තමන් අපේක්ෂිත ගොඩබිම් ප්‍රහාරයට පෙර ගාසා තීරයේ වැටලීම් කිහිපයක් දැනටමත් දියත් කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

ත්‍රස්තවාදීන් සහ ආයුධවලින් ප්‍රදේශය පිරිසිදු කිරීම සහ හමාස් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් සොයාගැනීම මෙහි අරමුණ බවයි ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ.

මේ අතර එක්සත් ජනපදය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ සිවිල් වැසියන් ඝාතනය නොකිරීමට සෑම පියවරක්ම ගන්නා ලෙසයි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පැවසුවේ ගාසා තීරයේ ‘ආරක්ෂිත ප්‍රදේශ’ සුරක්ෂිත කිරීම සඳහා ඊශ්‍රායලය සමඟ කටයුතු කරන බවයි.

පසුගිය සති අන්තයේ හමාස් සටන්කාමීන් දේශසීමා හරහා සිවිල් වැසියන්ට සහ සොල්දාදුවන්ට පහර දීමෙන් ඊශ්‍රායලයේ 1,300 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.

ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් ඊශ‍්‍රායලය විසින් ගාසා තීරයට දියත් කරන ලද බෝම්බ ප‍්‍රහාරවලින් පුද්ගලයන් 2,000කට ආසන්න පිරිසක් මිය ගිය බව පලස්තීන බලධාරීන් පවසනවා.

හමාස්ගේ ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරය “පාළු දූපතක්” බවට පත් කරන බවට තර්ජනය කර ඇති අතර, එහි වැසියන්ට “දැන් ඉවත්ව යන ලෙස” අනතුරු ඇඟවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27