ගාසා තීරයේ සහනාධාර රථ පෙළක් අසල තෙරපිමක් – 112ක් මරුට

බටහිර ගාසා තීරයේ ආහාර බෙදා දෙන ට්‍රක් රථයක් වටා ජනතාව එකරාශී වූ අවස්ථාවේ සිදු වූ තෙරපිමකින් පුද්ගලයන් 112 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 760කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ගාසා තීරයේ ගැටුම් ආරම්භ වූ දිනයේ සිට එක් මොහොතක සිදු වූ විශාලතම මරණ සංඛ්‍යාව මෙය ලෙසටයි සැලකෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසි රැස්වීමක් ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ආහාර ලබා ගැනීමට උත්සාහ කරන සිවිල් වැසියන්ට ඊශ්‍රායල හමුදා කරන ලද වෙඩි තැබීම අසාධාරණ බව ප්‍රංශය ප්‍රකාශ කළ අතර, තාවකාලික සටන් විරාමයක් ඇති කිරීමට මැදිහත් වූවන්ගේ උත්සාහය මෙම සිදුවීම මගින් සංකීර්ණ වනු ඇතැයි ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් කනස්සල්ල පළ කළා.

මේ අතර පසුගිය 2023 වසරේ ඔක්තෝබර් 7 වනදා ගැටුම් ආරම්භ වූ දිනයේ සිට ගාසා තීරයේ මියගිය ගණන 30,000 ඉක්මවා ඇති බව හමාස් සංවිධානය පවසනවා.

මියගිය අයගෙන් බහුතරය කාන්තාවන් සහ ළමුන් වන අතර මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ කුඩා දරුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයට අවශ්‍ය මානුෂිය ආධාර සපයා ගැනීමට නොහැකි වීම මෙම අර්බුදකාරී තත්ත්වයට හේතුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ලක්වූ ගොඩනැගිලි සුන්බුන්වලට යටවී තවමත් දහස් ගණන් මිනිසුන් සොයා ගැනීමට නොහැකිව සිටින නිසා මියගිය සැබෑ සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි විය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10