ගාසා තීරයේ දින 60 සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් දැනුම්දෙයි

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඇති ව තිබෙන දරුණු ගැටුම් හේතුවෙන්, එය සමථයකට පත් කර දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම සටන් විරාමය සඳහා ඊශ්‍රායලයට පැනවූ කොන්දේසිවලට ඔවුන් එකඟ වී ඇති බවට ට්‍රම්ප් කාර්‍යාලය දැනුම්දී ඇති බවයි.

නමුත් මෙම සටන් විරාමයට හමාස් සංවිධානය තවමත් නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ.

මෙම සටන් විරාමයට වහාම හමාස් සංවිධානය එකඟ විය යුතු බව Truth social හි සටහනක ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.

ට්‍රම්ප් එම සටහනේ දක්වා ඇත්තේ මෙවැන්නක්;

“මගේ නියෝජිතයින් අද ගාසා තීරය සම්බන්ධයෙන් ඊශ්‍රායල ජාතිකයන් සමඟ දිගු හා ඵලදායී රැස්වීමක් පැවැත්වූවා,දින 60 ක සටන් විරාමයක් සඳහා අවශ්‍ය කොන්දේසිවලට ඊශ්‍රායලය එකඟ වී ඇති අතර, එම කාලය තුළ අපි යුද්ධය අවසන් කිරීමට සියලු පාර්ශ්වයන් සමඟ කටයුතු කරන්නෙමු. සාමය ගෙන ඒමට උදව් කිරීමට ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ කටාර් සහ ඊජිප්තුවරුන් මෙම අවසාන යෝජනාව ඉදිරිපත් කරනු ඇත. මැද පෙරදිග යහපත සඳහා, හමාස් මෙම ගිවිසුම ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි” යනුවෙන්.

කෙසේ හෝ හමාස් මෙම සටන් විරාමයට එකඟ නොවුණහොත් තත්ත්වය නරක අතට හැරෙන බව ද ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58


?