AFC Banner
AFC Banner
Empty Ad

ගාසා තීරයේ උග්‍ර ආහාර හිඟයක්

ගාසා තීරයේ උග්‍ර ආහාර හිඟයක් ඇති වී තිබෙන බව පලස්තීන මාධ්‍ය වාර්තා පවසනවා.

ගාසා තීරයේ ජබලියා සරණාගත කඳවුරේ ප්‍රමාණවත් තරම් ආහාර නොමැති බවයි එම මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව, එහි සිටි අශ්වයන් දෙදෙනෙකු ඝාතනය කර සිය දරුවන්ගේ කුසගින්න නිවීමට දෙමාපියන් පෙළඹී ඇති බව ද සඳහන්.

තම දරුවන් කුසගින්නේ මියයාමට නොදී බේරා ගැනීමට වෙන විකල්පයක් නොතිබූ බවට ද එම දෙමාපියන් ප්‍රකාශ කර තිබෙනවා.

තමන්ට කුසගින්නේ සිටිය හැකි වුවද කුඩා දරුවන්ට කුසගින්නේ සිටිමට නොහැකි බව පෙන්වා දුන්නේ ඔවුන් සඳහන් කර ඇත්තේ, වයස අවුරුදු 4 – 5 වයස්වල පසුවන සිය කුඩා දරුවන් කුසගින්නේ නින්දට ගොස් කුසගින්නේ අවදිවනු දැකීම දෙමාපියන් වශයෙන් දරාගත නොහැකි බවයි.

උතුරු ගාසා තීරයේ මාස දෙකක් පමණ වයසැති පලස්තීන ජාතික බිළිඳකු ප්‍රමාණවත් ආහාරයක් නොලැබීම හේතුවෙන් ශරීරය දුර්වල වී මියගොස් තිබෙනවා.

මේ අතර ඊශ්‍රාලය – පලස්තීන යුද ගැටුම් හේතුවෙන් සිදුවන ළමා මරණ තවදුරටත් ඉහළ යා හැකි බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?