ගාසා තීරයේ උග්‍ර ආහාර හිඟයක්

ගාසා තීරයේ උග්‍ර ආහාර හිඟයක් ඇති වී තිබෙන බව පලස්තීන මාධ්‍ය වාර්තා පවසනවා.

ගාසා තීරයේ ජබලියා සරණාගත කඳවුරේ ප්‍රමාණවත් තරම් ආහාර නොමැති බවයි එම මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව, එහි සිටි අශ්වයන් දෙදෙනෙකු ඝාතනය කර සිය දරුවන්ගේ කුසගින්න නිවීමට දෙමාපියන් පෙළඹී ඇති බව ද සඳහන්.

තම දරුවන් කුසගින්නේ මියයාමට නොදී බේරා ගැනීමට වෙන විකල්පයක් නොතිබූ බවට ද එම දෙමාපියන් ප්‍රකාශ කර තිබෙනවා.

තමන්ට කුසගින්නේ සිටිය හැකි වුවද කුඩා දරුවන්ට කුසගින්නේ සිටිමට නොහැකි බව පෙන්වා දුන්නේ ඔවුන් සඳහන් කර ඇත්තේ, වයස අවුරුදු 4 – 5 වයස්වල පසුවන සිය කුඩා දරුවන් කුසගින්නේ නින්දට ගොස් කුසගින්නේ අවදිවනු දැකීම දෙමාපියන් වශයෙන් දරාගත නොහැකි බවයි.

උතුරු ගාසා තීරයේ මාස දෙකක් පමණ වයසැති පලස්තීන ජාතික බිළිඳකු ප්‍රමාණවත් ආහාරයක් නොලැබීම හේතුවෙන් ශරීරය දුර්වල වී මියගොස් තිබෙනවා.

මේ අතර ඊශ්‍රාලය – පලස්තීන යුද ගැටුම් හේතුවෙන් සිදුවන ළමා මරණ තවදුරටත් ඉහළ යා හැකි බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25