ගාසා තීරයෙන් ඊජිප්තුවට ගිය ශ්‍රී ලාංකිකයන් දිවයිනට

ගාසා තීරයේ සිට ආරක්ෂිතව ඊජිප්තුවට පැමිණි ශ්‍රී ලාංකිකයන් 11 දෙනා අද අලුයම මෙරටට පැමිණ තිබෙනවා.

ඔවුන් ගාසා තීරයේ සිට රෆා පිවිසුම ඔස්සේ ඊජිප්තුව වෙත පැමිණ කයිරෝ ගුවන් තොටුපොළේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ තිබුණා.

ඉන්පසුව කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR- 662 දරන ගුවන් යානයෙනුයි අද අලුයම 02.30ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ.

මෙම 11 දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් 09 දෙනෙකු වන බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

ගාසා තිරයේ ජිවත් වූ මෙම ලාංකිකයින් 11 දෙනා පසුගිය 2 වනදා නිරුපද්‍රිතව ඊජිප්තුවට පැමිණ තිබුණා.

ඊජිප්තුවේ රෆා දේශසිමාව ඔස්සේ මෙම ශ්‍රී ලාංකිකයින් 11 දෙනා පැමිණ ඇති අතර ඔවුන් අතර පවුල් දෙකකට අයත් සාමාජිකයින් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊජීප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝමීටර් 320ක් දුරින් රෆා දේශසිමා පිවිසුම පිහිටා ඇති අතර ශ්‍රී ලංකා බලධාරින් එහි ගොස් එම ලාංකිකයින් පිරිස සිය භාරයට ගෙන තිබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට ඉන් ඉවත්වීමට ඊශ්‍රායල රජය පසුගිය 2 වනදා අවසර ලබාදුන් බව, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කළා.

ඒ අනුව ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට ඊජිප්තු දේශසීමාවේ පිහිටි රෆා මාරුව හරහා ඉවත්වීමටයි අවශ්‍ය අවසරය හිමිවී ඇත්තේ.

මේ වනවිට පලස්තීන ජාතිකයින් සමග විවාහවූ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු ගාසා තීරයේ සිටින අතර, ඔවුන්ගේ පවුල්වල මුළු සාමාජිකයින් සංඛ්‍යාව 17ක් වන බව රමල්ලාහි වෙසෙන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නාවලගේ බෙනට් කුරේ ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46