ගාසා ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් අසල ඊශ්‍රායල හමුදාවෙන් වෙඩි තැබීමක් – 26ක් මරුට

ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් අසල ඊශ්‍රායල හමුදාවන් සිදුකළ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

රෆා හි රතු කුරුස රෝහලට අනුව මෙම වෙඩි තැබීමෙන් පලස්තීන තවත් ජාතිකයින් 150 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

දකුණු ගාසා තීරයේ මානුෂීය ආධාර ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානය අසල මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

ඊශ්‍රායල පාලනය යටතේ පවතින මෙම ප්‍රදේශයට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ප්‍රවේශ විය නොහැකි වී ඇති අතර.
මේ හේතුවෙන් තුවාලකරුවන් රෝහලට ප්‍රවාහනය කිරීම සඳහා බූරු කරත්ත භාවිතා කිරීමට සිදුව ඇති බවයි වාර්තා වුණේ.

2023 ඔක්තෝබර් 07 වනදා සිට ඇරඹුණු ඊශ්‍රායල හමස් ගැටුම්වලින් ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 54,381 දෙනෙකු මිය ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?