AFC Banner
AFC Banner
Empty Ad

ගාස්තුව පෙන්වන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක්

ගාස්තුව ප්‍රදර්ශනය කරන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමු වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

දැනට ඉන්ධන පිරවුම්හල් වලින් ලබාදෙන තෙල් කෝටාවට අමතරව එම ඉන්ධන කෝටාව ලබාදීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය ඊයේ (05) උදෑසන බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් ද ආරම්භ කළා.

පසුව ඔවුන් සඳහන් කළේ සිය ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් ආරම්භ කළ විරෝධතාව අත්නොහරින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?