ගාල්ල – නාගොඩ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ ආශ්‍රිත නිළධාරීන් 27 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
එමෙන්ම, මඩකලපුව බන්ධනාගාරයෙන් ද ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වී ඇති බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ.
එමෙන්ම නිරෝධායනයට ලක්වෙමින් සිටි පානදුර – වෑකඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් අද උදෑසන නිවසින් බැහැරට ගොස් සිටියදී ත්‍රිරෝද රථයක ගැටී මිය ගොස් තිබෙනවා. මෘතදේහය සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත අතර, අනතුර සිදුකළ ත්‍රිරෝද රථ රියදුරු පසුව පොලීසියට භාර වුණා.










