ගාල්ලට මහ වැසි මාර්ග සහ පහත් බිම් ජලයෙන් යටවෙයි

අද (11) සවස සිට ඇද හැලෙන ධාරාණිපාත මහ වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ පහත් බිම් සහ මාර්ග කිහිපයක් ජලයෙන් යට වීය

ගාල්ල වක්වැල්ල ප්‍රධාන මාර්ගය ගාල්ල පොලිසිය ඉදිරිපිටින් සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල විය.

මගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගය ගාල්ල තලාපිටිය සහ බෙලිගහ, කහදුව වත්ත යන ප්‍රදේශවලින් ජලය යට වීම නිසා ගමනාගමනයට බාධා එල්ල විය

මෙම වර්ෂාව හේතුවෙන් තලාපිටිය, කෝන්ගහ, තනිපොල්ග, දංගෙදර, මොරගොඩ, බෙලිගහ, කහදුවවත්ත යන ප්‍රදේශ ජලයෙන් යටවීය.

සුළු වැස්සකදී පවා ගාල්ල නගරයේ යටවීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්වන බව ප්‍රදේශවාසීන් පවසයි.

මේ සඳහා විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් විම කනගාටුවට කරුණක් බවද ඔවුන් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?