ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි පත්කර ගනී

ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි තෝරාගෙන තිබෙනවා.

56 හැවිරිදි මොජ්තාබා කමේනි නිහඬ චරිතයක් බවත් ඔහු කිසි දිනක රජයේ තනතුරු දරා නොමැති බවයි වාර්තා වන්නේ.

1969 සැප්තැම්බර් 08 වන දින ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලැබූ මොජ්ටාබා, අලි කමේනිගේ දරුවන් හය දෙනාගෙන් දෙවැන්නා වනවා.

ඔහු ටෙහෙරානයේ ආගමික අලවි පාසලෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා තිබෙනවා.

ඉරාන මාධ්‍යවලට අනුව, මොජ්ටාබා වයස අවුරුදු 17 දී, මොජ්ටාබා ඉරාන-ඉරාක යුද්ධය අතරතුර කෙටි කාලයක් සඳහා හමුදාවේ සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

1999 දී, මොජ්ටාබා තම ආගමික අධ්‍යයන කටයුතු කරගෙන යාම සඳහා ෂියා දේවධර්මයේ වැදගත් මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන ශුද්ධ නගරයක් වන කොම් වෙත ගොස් ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ නමුත් වසර ගණනාවක් පුරා ඉරානය තුළ තිරය පිටුපස ඔහු සැලකිය යුතු බලපෑමක් සිදුකර ඇති චරිතයක් බවයි කටකතා පැතිර ගිය ගොස් තිබුණේ.

මේ අතර ඉරාන රාජ්‍ය රූපවාහිනියේ ඉදිරිපත් කරන්නා විසින් විශේෂඥයින්ගේ රැස්වීමේ ප්‍රකාශයක් නිවේදය කළ අතර, එහිදී ඔහු නිවේදනය කළේ ඉරානයේ නව උත්තරීතර නායකයා තෝරාපත් කරගෙන ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14