ගායන ශිල්පී ශිහාන් මිහිරංග ඔහුගේ පාසල් ප්‍රේමයේ මතකය අවධි කරයි

ශිහාන් මිහිරංග කියන්නේ ගායන ශිල්පියෙක් විදිහට බොහෝ පිරිසකගේ ආදරය දිනාගත්ත ගායන ශිල්පියෙක්. ඔහුටම අනන්‍ය වුණු විලාසිතා වලින් තරුණ තරුණියන්ව වසඟයට ගත් ශිහාන් ආදරණීයම ගී රැසක හිමිකරුවෙක්.

 

“අද තනියෙන් මා“ , “මිහිරාවියේ“ , “ඔබගේ මතකෙන්“ වැනි අතිශය ජනප්‍රිය ගී රැසක හඬ අයිතිකරු වන ඔහු මේ දිනවල ලංකාවේ එකම සහ ප්‍රථම ගායන රියැලටිය වන “හිරු ස්ටාර්“ සීසන් 3 හි විනිසුරුවෙකු ලෙස ද කටයුතු කරනවා.

ඉතින් පසුගිය දවසක (23) ශිහාන්ගේ ආදරණීය බිරිඳගේ උපන්දින සැමරුම යෙදිලා තිබුණා.

 

ඒ වෙනුවෙන් ප්‍රවීන ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මුහුණු පොතේ පළ කළ සටහන පහතින් බලන්න….

 

මිහිරාවියේ සිහින කුමරී ඇයයි …………

ගෙෂ්නි ක්ලෙමන්ටා නැගණියට මිහිරිතම ගී නදින් රාව නැංවෙන උපන්දිනක් …………………………

ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංගගේ ආදරණීය බිරිඳ ගෙෂ්නි ක්ලෙමන්ටා සිල්වා අද දින (23) සිය උපන්දිනය සමරන්නීය.

කඳාන ද මැසනඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරනු ලැබූ ගෙෂ්නි සහ ශිහාන්, පාසල් ප්‍රේමය ජය ගනිමින් 2012 වසරේ ජනවාරි 25 වෙනි දින යුග දිවියට ඇතුළත් වුණු අතර, ඔවුන්ගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප ගනු ලැබුවේ ද මවිසින් ය. ක්ලේන් මාෂ්, කෙනන් යාෂ් සහ කියෝන් අකීෂ් යන පුතුන් තිදෙනාගේ දයාබර මව වන ගෙෂ්නි ක්ලෙමන්ටා තම දරුවන්ගේ සහ සැමියාගේ යුතුකම් මැනවින් ඉටුකරමින් ගෘහණියක් ලෙස කටයුතු කරමින් සිටින්නීය.

මට බොහෝ සේ හිතවත් ශනිලාගේ ආදරණීය පියාණන් වන නිහාල් නානායක්කාරගේ, සොයුරියගේ දියණිය ලෙසින් මා ගෙෂ්නිව දැනහඳුනා ගනු ලබන්නේ ඇය ශිහාන් සමගින් විවාහ වීමටත් පෙර සිට ය. විශේෂිත දරුවෙකු වන ශනිලා මගේ ගීතවලට දැඩි සේ ප්‍රියකරන උග්‍ර රසිකාවියක් ද වන අතර, සෑම වසරකදීම මා ඇයගේ උපන්දින සාදයට සහභාගී වීම අනිවාර්ය කටයුත්තකි.

ශනිලාගේ උපන්දින සාදය සංවිධානය කිරීම සඳහා ගෙෂ්නි ද විශාල ලෙස දායක වී කටයුතු කරන්නීය. එහිදී මා හට, ගෙෂ්නිව සහ ඇගේ පවුලේ අයව ද නොවරදවාම වාර්ෂිකව මුණගැසෙන අතර, ඇයගේ ක්ලේන් සහ කෙනන් යන පුතුන් දෙදෙනා මා සමග ගීත ගායනා කිරීමට ද සම්බන්ධ වෙති. එම දරුවන් ද මා සමග අතිශය හෘදයාංගම අතර මට ද ඔවුන් මගේ දරුවන් සේ සෙනෙහසක් හැඟේ.

ගෙෂ්නිගේ පියා වන උපාලි සිල්වා, මැසනඩ් විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරන අතර, ගුරුවරියක ලෙස සේවය කළ ඇගේ මව රමණී සිල්වා, මේ වන විට එයට සමුදී ඇත. ගෙෂ්නිගේ, වැඩිමල් සොයුරු ශවන්ත ද විවාපත් අතර, ඔහුට ඩිශේන් නමින් එක් පුතෙක් ද සිටී.

තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව ගෙෂ්නිට, සිය සැමියා සහ දරුවන් සමඟ යෙහෙන් සංතෘෂ්ඨියෙන් ජීවිතය ගෙවන්නට වාසනාව උදාවේවායි සුභාශිංසන ගෙන එමි !!!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
123
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58


?