spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ගාම්භීර් ඉන්දීය පිළේ සහාය පුහුණු කාර්ය මණ්ඩලයට කට්ටිය සොයයි

ඉන්දීය කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු කවුරුන් ද යන්න මෙම මස අගදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉන්දීය කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ගෞතම් ගාම්භීර් පත් කිරීමට නියමිත බවයි.

ඒ, අනුව 2027 එක්දින ලෝක කුසලානය අවසන් වන තෙක් BCCI සමඟ ගිවිසුමක් අත්සන් කරන ගෞතම් ගාම්භීර් ඔහුගේ ම සහාය පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් තෝරා ගැනීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

තමාට ඉන්දීය කණ්ඩායමේ සහාය පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් තෝරා ගැනීමට අවශ්‍ය බව ගාම්භීර් අධ්‍යක්ෂ මණ්ඩලයට ද දන්වා ඇති බව වාර්තා වනවා.

මේ වනවිට ඉන්දීය කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස වික්‍රම් රතෝර් ද, පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පරාස් මාම්බ්‍රේ ද, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ටී දිලිප් ද කටයුතු කරනු ලබනවා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධුර කාලය 2024 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව අවසන් වීමට නියමිතයි.

ඩ්‍රාවිඩ් වෙනුවට ඉන්දිය කාණ්ඩායාමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු ලෙස කවුරුන් පත් කරන්නේ ද යන්න පිළිබඳ සාකච්ඡාව පසුගිය මාසයේ අගභාගයේදී බොහෝ දුරට සමථයකට පත් වූයේ එම භූමිකාව සඳහා ගාම්භීර්ගේ පත්වීම පිළිබඳව වාර්තා පැහැදිලි බව ඉඟිකරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
5
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?