ගාම්භීර් ඉන්දීය පිළේ සහාය පුහුණු කාර්ය මණ්ඩලයට කට්ටිය සොයයි

ඉන්දීය කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු කවුරුන් ද යන්න මෙම මස අගදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉන්දීය කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ගෞතම් ගාම්භීර් පත් කිරීමට නියමිත බවයි.

ඒ, අනුව 2027 එක්දින ලෝක කුසලානය අවසන් වන තෙක් BCCI සමඟ ගිවිසුමක් අත්සන් කරන ගෞතම් ගාම්භීර් ඔහුගේ ම සහාය පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් තෝරා ගැනීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

තමාට ඉන්දීය කණ්ඩායමේ සහාය පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් තෝරා ගැනීමට අවශ්‍ය බව ගාම්භීර් අධ්‍යක්ෂ මණ්ඩලයට ද දන්වා ඇති බව වාර්තා වනවා.

මේ වනවිට ඉන්දීය කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස වික්‍රම් රතෝර් ද, පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පරාස් මාම්බ්‍රේ ද, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ටී දිලිප් ද කටයුතු කරනු ලබනවා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධුර කාලය 2024 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව අවසන් වීමට නියමිතයි.

ඩ්‍රාවිඩ් වෙනුවට ඉන්දිය කාණ්ඩායාමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු ලෙස කවුරුන් පත් කරන්නේ ද යන්න පිළිබඳ සාකච්ඡාව පසුගිය මාසයේ අගභාගයේදී බොහෝ දුරට සමථයකට පත් වූයේ එම භූමිකාව සඳහා ගාම්භීර්ගේ පත්වීම පිළිබඳව වාර්තා පැහැදිලි බව ඉඟිකරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20