ගාම්භීර්ව ටෙස්ට් කණ්ඩායමේ වගකීමෙන් ඉවත් කරන කතාවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය උත්තර දෙයි

ගෞතම් ගාම්භීර් ඉවත්කර ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට වෙනත් ප්‍රධාන පුහුණුකරු ගෙන ඒමට නියමිත බවට ඇතැම් ඉන්දීය මාධ්‍ය පුවත් වාර්තා කර තිබුණා.

ඉන්දීය කණ්ඩායම අවසන්වරට මව්බිමේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලියෙන් පූර්ණ තරග පරාජයට මුහුණදීමට සිදුවීමත් සමඟ මෙම පුවත මතුව ආවා.

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පුහුණු කිරීමේ වගකීමෙන් ගෞතම් ගාම්භීර් ඉවත්කර, ඔහුව සුදු පන්දුවේ ප්‍රධාන පුහුණුකරු ලෙස තැබීමට තීරණයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ගෞතම් ගාම්භීර් වෙනුවට ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය ක්‍රීඩක වී.වී.එස් ලක්ෂ්මන් ගෙන ඒමේ සූදානමක් පවතින බවයි එම පුවත්වල වැඩිදුරටත් දැක් වුණේ.

කෙසේ වෙතත් එලෙස වාර්තාකර තිබූ පුවත් ප්‍රතික්ෂේප කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වනවිට පවසන්නේ එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

ගෞතම් ගාම්භීර් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ආකෘති තුනේම ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉදිරියටත් කටයුතු කරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවජිත් සයිකියා සඳහන් කළේ.

වී.වී.එස් ලක්ෂ්ම ද එම පුවත ප්‍රතික්ෂේප කර ඇති අතර, බැංගලෝරයේ පිහිටි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශිෂ්ටතා මධ්‍යස්ථානයේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස තමන්ගේ වත්මන් භූමිකාව ගැන සෑහීමකට පත්වන බවයි ඔහු පවසා ඇත්තේ.

ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ගෞතම් ගාම්භීර්ගේ කොන්ත්‍රාත් කාලය 2027 ලෝක කුසලානයෙන් පසු අවසන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
1
+1
0
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29