AFC Banner
Empty Ad
Empty Ad

ග්ලෙන් මැක්ස්වෙල් අනතුරක

එංගලන්තයට එරෙහිව එළඹෙන තරඟයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ඉවත් කර තිබෙනවා.

ඒ ඔහු ගොල්ෆ් රථ (golf cart) අනතුරකට ලක්වීම හේතුවෙන්.

මැක්ස්වෙල් ගොල්ෆ් රථයක පිටුපසින් ලිස්සා වැටීමෙන් අනතුර සිදු වී ඇති අතර ඔහු යථා තත්ත්වයට පත්වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

ක්‍රිකට් පිටියේ විශිෂ්ට දස්කම් සඳහා ප්‍රසිද්ධ මැක්ස්වෙල් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අත්‍යවශ්‍ය සම්පතක් වන අතර එංගලන්තයට එරෙහි තරගයට ඔහුගේ අඩුව දැනෙනු නිසැක බවයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ.

මැක්ස්වෙල්ගේ ඉක්මනින් සුව අතට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඔහු ඉක්මනින්ම යළිත් කණ්ඩායම සමග එක්වනු ඇතැයි අපේක්ෂිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
4
+1
3
+1
12
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?