ග්‍රාම සේවා නිලධාරීන් 4000ක් කඩිනමින් බඳවා ගැනීමට පියවර

පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිළධාරී තනතුරු 4000කට ආසන්න ප්‍රමාණය සඳහා නව බඳවා ගැනීම් කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙරට ග්‍රාම සේවා වසම් 14,022ම ඩිජිටල් කරණය කිරීමේ e-GN වැඩසටහන මේ වන විටත් ආරම්භ කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා,

මෙරට ඇති ආර්ථික තත්ත්වය වගේම තවත් සාධක කිහිපයක් මත රාජ්‍ය සේවයේ තුලනයක් සිදුවිය යුතුව තිබෙනවා. එය පැහැදිළිවම තරාතිරම නොබලා සිදුකළ යුතුයි.නමුත් එහිදී ඇතැම් දිස්ත්‍රික්වල, ප්‍රදේශවල සහ ආයතනවල පුරප්පාඩු පවතින බවත් අප සිහිතබා ගත යුතුයි.

විශේෂයෙන්ම මේ වන විට රජය ප්‍රතිපත්තියක් ලෙස බදවා ගැනීම් අත්හිටුවා තිබෙනවා. එහෙත් ග්‍රාම සේවා නිලධාරීන්ගේ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තිබෙනවා. ග්‍රාමීය මට්ටමේ පවතින සංවිධානය වන ග්‍රාම සේවා නිලධාරී තනතුර පුරප්පාඩුකර ඉදිරියට යාමට අපහසුයි. ඒ නිසා මේ වන විට පවතින ග්‍රාම නිලධාරීන් හාරදහසකගේ පුරප්පාඩුව පිරවීමට අප කටයුතු කරමින් සිටිනවා. ඒ සම්බන්ධව කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවට මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය බාරගත් අවස්ථාවේ අපට පැවරුණ ප්‍රධානම කාර්යය වූයේ ජනතාවට ජීවත්වීමට හැකි පරිසරයක් ගොඩනඟා දීමයි. නමුත් ජනාධිපතිවරයා ධූරයට පත්වීමෙන් පසුව ගනු ලැබූ දුර දක්නා තීන්දු තීරණ නිසා වසරක් වැනි කෙටි කාලයක් තුළ රටේ ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීමට සැලකිය යුතු පරිවර්තන රැසක් සිදු කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතා හා පෝෂණ කමිටු සකස් කර ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් කමිටුව ද නිර්මාණය කිරීමෙන් අනතුරුව පළාත් 09ටත් දිස්ත්‍රික් මට්ටමේත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේත්, ඉන් අනතුරුව ග්‍රාම‍ සේවා වසම් 14,022 කටම ආහාර සුරක්ෂිතතා පෝෂණ කමිටු නිර්මාණය කළා.

ඒ වගේම මේ වන විට e-GN ග්‍රාම සේවා වසම් ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. ඉන් කළුතර දිස්ත්‍රික්කයේ සීයයට අනූවක් සහ පුත්තලම සියයට පනහක් පමණ ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම දිස්ත්‍රික්ක හතක මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. අනෙකුත් දිස්ත්‍රික්කවලද දත්ත හා තොරතුරු එක්රැස් කරමින් පවතිනවා. ඒ අනුව නුදුරේදීම ග්‍රාම සේවා වසම් 14,022ම ඩිජිටල් කරණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
2
+1
25
+1
8
+1
2
+1
6
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54