ගසන්ෆර්ගේ පීඩනකාරී පන්දු යැවීමෙන් බංගලියෝ දණ නමති – පළමු එක්දින තරගයේ ජය ඇෆ්ගනුන්ට

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති පළමු එක්දින තරගය ජය ගන්නට ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ (06) සමත් වුණා.

දෙරට අතර තරගය ඊයේ සාජා නුවර දී පැවැත්වුණේ කාසියේ වාසියේ ජය ඇෆ්ගනිස්තානයට හිමිකර දෙමින්.

ඒ අනුව ඇෆ්ගන් නායක හෂ්මතුල්ලා ෂහිඩි තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සියල්ලන් ම දැවී පන්දුවාර 49කුත් පන්දු 04ක් තුළ දී ලකුණු 235ක් ලබාගත්තා.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් මොහොමඩ් නබී ලකුණු 84ක් සහ හෂ්මතුල්ලා ෂහිඩි ලකුණු 52ක් ලබාගත්තා.

Nangeyalia Kharote නොදැවී ලකුණු 27 යි.

බංග්ලාදේශය වෙනුවෙන් මුස්ටෆිසර් රහමන් සහ ටස්කින් අහමඩ් කඩුලු 04 බැගින් ද, ශොරිෆුල් ඉස්ලාම් එක් කඩුල්ලක් ද බිඳ හෙලුවා.

ජයග්‍රහණයට පන්දුවාර 50ක් තුළ ලකුණු 236ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 143කට සියල්ලන් ම දැවී ගියා.

පීඩනකාරී කඩුලු බිඳ දැමීමක නිරත වූ ගසන්ෆර් (AM Ghazanfar) ලකුණු 26කට කඩුලු 06යි.

රෂීඩ් ඛාන් කඩුලු 02ක් සහ ඔමර්සායි එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඒ අනුව ඇෆ්ගනුන්ට ප්‍රතිවාදී බංගලීන් ව පළමු එක්දින තරගයේ දී ලකුණු 92කින් පරාජ කිරීමට හැකි වුණා.

තරගයේ වීරයා ලකුණු 26ක් තුළ කඩුලු 06ක් බිඳ දැමූ ඇෆ්ගන්සිතානයේ ගසන්ෆර්.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අනිද්දා (09) පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?