ගසන්ෆර්ගේ පීඩනකාරී පන්දු යැවීමෙන් බංගලියෝ දණ නමති – පළමු එක්දින තරගයේ ජය ඇෆ්ගනුන්ට

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති පළමු එක්දින තරගය ජය ගන්නට ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ (06) සමත් වුණා.

දෙරට අතර තරගය ඊයේ සාජා නුවර දී පැවැත්වුණේ කාසියේ වාසියේ ජය ඇෆ්ගනිස්තානයට හිමිකර දෙමින්.

ඒ අනුව ඇෆ්ගන් නායක හෂ්මතුල්ලා ෂහිඩි තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සියල්ලන් ම දැවී පන්දුවාර 49කුත් පන්දු 04ක් තුළ දී ලකුණු 235ක් ලබාගත්තා.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් මොහොමඩ් නබී ලකුණු 84ක් සහ හෂ්මතුල්ලා ෂහිඩි ලකුණු 52ක් ලබාගත්තා.

Nangeyalia Kharote නොදැවී ලකුණු 27 යි.

බංග්ලාදේශය වෙනුවෙන් මුස්ටෆිසර් රහමන් සහ ටස්කින් අහමඩ් කඩුලු 04 බැගින් ද, ශොරිෆුල් ඉස්ලාම් එක් කඩුල්ලක් ද බිඳ හෙලුවා.

ජයග්‍රහණයට පන්දුවාර 50ක් තුළ ලකුණු 236ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 143කට සියල්ලන් ම දැවී ගියා.

පීඩනකාරී කඩුලු බිඳ දැමීමක නිරත වූ ගසන්ෆර් (AM Ghazanfar) ලකුණු 26කට කඩුලු 06යි.

රෂීඩ් ඛාන් කඩුලු 02ක් සහ ඔමර්සායි එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඒ අනුව ඇෆ්ගනුන්ට ප්‍රතිවාදී බංගලීන් ව පළමු එක්දින තරගයේ දී ලකුණු 92කින් පරාජ කිරීමට හැකි වුණා.

තරගයේ වීරයා ලකුණු 26ක් තුළ කඩුලු 06ක් බිඳ දැමූ ඇෆ්ගන්සිතානයේ ගසන්ෆර්.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අනිද්දා (09) පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58