ගව ඝාතනය නතර කරන්නැයි සියලු පළාත් පාලන ආයතනවලට දැනුම් දෙයි

ගව ඝාතනය නතර කිරීමට ක්‍රියා කරන ලෙස පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය, සියලු පළාත් පාලන ආයතනවලට දැනුම් දී තිබේ.

අමාත්‍යාංශ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස මහතා පැවසුවේ රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණය අනුව ක්‍රියා කරන ලෙස පළාත් පාලන බලධාරින් දැනුවත් කළ බවය.

මේ සඳහා අවශ්‍ය පනත් 04ක් සංශෝධනය කිරීමට දැනට පියවර ගෙන ඇති අතර ඒවා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ඔහු සඳහන් කළේය.

ගව ඝාතනය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ සැප්තැම්බර් 17 වැනි දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ගව ඝාතනය තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මීට පෙර ගත් තීරණය පිළිබඳව සියලුම පලාත් පාලන ආයතන දැනුවත් කර තිබුණ ද එම තීරණය ක්‍රියාත්මක නොවූ බව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

එබැවින් අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව කටයුතු කරන ලෙසත්, වෙනත් තීරණයක් ගැනීමෙන් වළකින ලෙසත් පළාත් පාලන ආයතනවලට, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය නැවත දැනුම් දීමක් කළ බව බොරලැස්ස මහතා පැවසුවේය.

මේ අතර නිව්ස්ෆස්ට් කළ විමසීමකදී කොළඹ නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මිය සඳහන් කළේ, අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් ප්‍රකාරව කටයුතු කරන ලෙස කොළඹ මහ නගර සභාවේ නාගරික පශු වෛද්‍යවරයාට දැනුම් දුන් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03
Video thumbnail
වාහන රැසක් වරායේ හිරවෙලා - පැලවෙනවා.. රිලීස් කරන්නකෝ අප්පා
03:07
Video thumbnail
අපි රුපියල් 3000ක් හැම පාසල් ශිෂ්‍යයෙක්ටම දෙනවා - පාවහන් ලබාගැනීමට
03:10
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:52
Video thumbnail
බස් ගාස්තු වැඩිවෙයි - මෙන්න නලින්ද සියල්ල හෙළිකරයි
01:17
Video thumbnail
ලංකා බැංකුව වෙත නව ප්‍රධාන බැංකු පද්ධතියක් නිර්මාණය කරයි
01:34
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:10
Video thumbnail
NLB සභාපතිගෙන් මාධ්‍ය ජාලයකට සහ සර්වජන බලයේ නීතිඥ නලින්ට නඩු - මම එහෙම පැමිණිලි කළේ නෑ - අසත්‍යයි
05:42
Video thumbnail
තව මාස 3කින් ලාල් කාන්තව හොයාගන්නවත් බැරිවෙයි
04:41