ගල්කිස්ස පොලීසියෙන් ටී.56 වර්ගයේ ගිනි අවියක් රැගෙන පලා ගිය බවට සැකකරන පොලිස් කොස්තාපල්වරයාට අයත් නිල හැදුනුම්පත වෙන්නප්පුව නගරයේ පුද්ගලික ආයතනයක් අසල තිබී වෙන්නප්පුව පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන්ට හමුවී තිබෙනවා.
ඊයේ (17) සවස 4.00 ට පමණ එම හැදුණුම්පත පොලිස් නිලධාරීන් රාජකාරියේ දී සිටියදී හමුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිදු කරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ පොලිස් කොස්තාපල් ජේ.ඒ.කේ.ඒ.ජයකොඩි නම් නිලධාරියාට මෙම හැදුනුම්පත අයත් බවයි.
ඔහු ගල්කිස්ස පොලීසියේ සේවය කරමින් සිටින අතර තුර මීට මාස කීපයකට පෙර ටී 56 වර්ගයේ ගිනි අවියක්ද සමග අතුරුදහන් වූ අයෙක් බවට අනාවරණය වී තිබෙනවා.
එම නිලධාරියා කුමන හෝ හේතුවකට වෙන්නප්පුව ප්‍රදේශයට පැමිණියාද යන්න සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.




