ගල්කිස්ස පොලිසියෙන් ටී.56 ගිනි අවියක් සොරාගත් කොස්තාපල්ගේ හැදුනුම්පත වෙන්නප්පුවෙන් හමුවේ

ගල්කිස්ස පොලීසියෙන් ටී.56 වර්ගයේ ගිනි අවියක් රැගෙන පලා ගිය බවට සැකකරන පොලිස් කොස්තාපල්වරයාට අයත් නිල හැදුනුම්පත වෙන්නප්පුව නගරයේ පුද්ගලික ආයතනයක් අසල තිබී වෙන්නප්පුව පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන්ට හමුවී තිබෙනවා.

ඊයේ (17) සවස 4.00 ට පමණ එම හැදුණුම්පත පොලිස් නිලධාරීන් රාජකාරියේ දී සිටියදී හමුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිදු කරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ පොලිස් කොස්තාපල් ජේ.ඒ.කේ.ඒ.ජයකොඩි නම් නිලධාරියාට මෙම හැදුනුම්පත අයත් බවයි.

ඔහු ගල්කිස්ස පොලීසියේ සේවය කරමින් සිටින අතර තුර මීට මාස කීපයකට පෙර ටී 56 වර්ගයේ ගිනි අවියක්ද සමග අතුරුදහන් වූ අයෙක් බවට අනාවරණය වී තිබෙනවා.

එම නිලධාරියා කුමන හෝ හේතුවකට වෙන්නප්පුව ප්‍රදේශයට පැමිණියාද යන්න සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවිඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04
Video thumbnail
සීලරතන හිමි මහානායක හිමිවරු ගැන වීඩියෝවක් ලීක් කරයි ?ජවිපයේ මුන්ට වඩා කම්බ හොරු ඉන්නේ
07:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදට පැන්න ලක්මාලි හොඳටම අහගනී
12:41
Video thumbnail
තවත් රාජපක්ෂ කෙනෙක් අල්ලස් කොමිසමේ..
00:34
Video thumbnail
ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකින් 99න් බේරුණ අයුරු - ආරක්ෂිත කැමරාවේ සටහන් වෙයි
00:30
Video thumbnail
"මට තමයි කක්කුස්මාලි කියලා කියන්න බැරි"
00:16
Video thumbnail
ලිමිණිට මෙච්චර බයයි නම් නාමල්ට කොච්චර බයක් ඇත්ද..?
07:59
Video thumbnail
අධි බලැති විදුලි කණුවක් පාරට කඩා වැටිලා උණුසුම් තත්ත්වයක්
01:07