ගල්කිස්සේ හොර රහසේ පවත්වාගෙන ගිය රති සැප තිප්පොලක් වටලයි

2022.03.28 වන දින සවස් කාලයේදී ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාර,ගල්කිස්ස ප්‍රයද්ශයේදී ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ
නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර සම්භාහන මධයස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 02 ක් වටලා සැකකාරියන් 05
දෙනෙකු අත්තඅඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්තඅඩංගුවට ගත්ත සැකකාරියන් අවුරුදු 20ත් 40ත් අතර වයස් වල පසුවන මින්නේරිය , දෙනියාය, මහියංගනය, පාදුක්ක හා මනම්පිටිය ප්‍රදේශවල පදිංචිකාරියන්.

සැකකාරියන් 2022.03.29 වන අද දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?