ගර්භනී කාන්තාවක් මියයාමේ සිද්ධියට වෛද්‍යවරයෙක් ඇතුළු සිව්දෙනෙකුගේ වැඩ තහනම්

මන්නාරම රෝහල වෙත ඇතුළත් කළ ගර්භනී කාන්තාවක් මියයාමේ සම්බන්ධ සිද්ධියට අදාළ ව
වෛද්‍යවරයෙකුගේ සේවය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; රෝහල් ආරංචි මාර්ග වාර්තා කරන පරිදි දරු ප්‍රසූතිය වෙනුවෙන් පසුගිය 28 වැනිදා මන්නාරම රෝහල වෙත ඇතුළත් කළ මරියරාජ් සින්දුජා නමැති 27 හැවිරිදි උපාධිධාරිනියක් මෙලෙස මියගොස් ඇති බවයි.

ඒ අනුව අදාළ වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට තීරණය කොට ඇති බව ද රෝහල් ආරංචි
මාර්ග සඳහන් කළා.

අදාළ ගර්භනී කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් මීට පෙර හෙදියන් දෙදෙනෙකුගේ හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දෙදෙනකුගේ ද සේවය අත්හිටුවනු ලැබුවා.

මියගිය තරුණියගේ ඥාතීන් සඳහන් කරනුයේ තම දියණිය දරු ප්‍රසුතිය වෙනුවෙන් මන්නාරම රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ,ගර්භනි වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය අපරීක්ෂාකාරි ව කටයුතු කළ බැවින් තම දියණිය මියගිය බවයි.

සිදුවීම සම්බන්ධයෙන් මියගිය තරුණියගේ ඥාතීන් සිදුකළ පැමිණිල්ලක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්වීමෙන් පරීක්ෂණයක් පවත්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?