ගර්භනී කාන්තාවක් මියයාමේ සිද්ධියට වෛද්‍යවරයෙක් ඇතුළු සිව්දෙනෙකුගේ වැඩ තහනම්

මන්නාරම රෝහල වෙත ඇතුළත් කළ ගර්භනී කාන්තාවක් මියයාමේ සම්බන්ධ සිද්ධියට අදාළ ව
වෛද්‍යවරයෙකුගේ සේවය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; රෝහල් ආරංචි මාර්ග වාර්තා කරන පරිදි දරු ප්‍රසූතිය වෙනුවෙන් පසුගිය 28 වැනිදා මන්නාරම රෝහල වෙත ඇතුළත් කළ මරියරාජ් සින්දුජා නමැති 27 හැවිරිදි උපාධිධාරිනියක් මෙලෙස මියගොස් ඇති බවයි.

ඒ අනුව අදාළ වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට තීරණය කොට ඇති බව ද රෝහල් ආරංචි
මාර්ග සඳහන් කළා.

අදාළ ගර්භනී කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් මීට පෙර හෙදියන් දෙදෙනෙකුගේ හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දෙදෙනකුගේ ද සේවය අත්හිටුවනු ලැබුවා.

මියගිය තරුණියගේ ඥාතීන් සඳහන් කරනුයේ තම දියණිය දරු ප්‍රසුතිය වෙනුවෙන් මන්නාරම රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ,ගර්භනි වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය අපරීක්ෂාකාරි ව කටයුතු කළ බැවින් තම දියණිය මියගිය බවයි.

සිදුවීම සම්බන්ධයෙන් මියගිය තරුණියගේ ඥාතීන් සිදුකළ පැමිණිල්ලක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්වීමෙන් පරීක්ෂණයක් පවත්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45