ගම්මන්පිල ආණ්ඩුවේ රෙදි හතර අතේ ගලවයි

එක දවසකදි ඉන්ධන මත අයකරන බදු වලින් ආණ්ඩුව රුපියල් මිලියන 750ක් උපයාගන්නා බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටිනවා.ඉන්ධන හිඟය ඇති වූයේ තමා හිගයක් ඇතිවන බව කියූ නිසායැයි ආන්ඩුව පවසන දේ මුසාවක් බවත් ඔහු කියා සිටිනවා.

තමා අමාත්‍යධුරයෙන් ඉවත් කලද රටේ පවතින සැබෑ ගැටලුවලට මේ දක්වා විසදුමක් හිමිව නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සහය අසාර්ථක වී ඇති බවයි.

උදය ගම්මන්පිල මහතා මාධ්‍යයට කල ප්‍රකාශය

ලංකා ඉතිහාසයේ ඉහළම ඉන්ධන මිල වැඩිකිරීම පසුගිය සිකුරාදා සිදුවුණා. පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා, අද ජීවතුන් අතර සිටියානම් ගාමිණි ලොකුගේ ඇමතිතුමාට ඉල්ලා අස්විය යුතුයැයි දැනුම් දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා.
ඉන්ධන මිල මෙතරම් දැවැන්ත ලෙස වැඩි කිරීමට බලපෑ එකම හේතුව ලෝක වෙළෙඳපොළේ මිල වැඩිකිරීම ම නෙමෙයි. තවත් හේතු ගණනාවක් බලපෑවා. ප්‍රධාන හේතුව තමයි විදේශ විනිමය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා රුපියල වසරකට අධික කාලයක් කෘතිමව අල්ලගෙන සිටීම නිසා දැවැන්ත ලෙස රුපියල අවප්‍රමාණය කිරීමට සිදුවීම.
ආණ්ඩුව ඉන්ධන මත අයකරන බදුවලින් එක දවසකට රුපියල් මිලියන 750කට වැඩි මුදලක් උපයා ගන්නවා. ජනතාව මතම මේ බර පටවන්නේ නැතුව, ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හරිමින් මේ බරින් කොටසක් ආණ්ඩුවට ගැනීමේ හැකියාව තිබුණා. බද්ද පොඩ්ඩක් අඩු කරා නම්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?