spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගම්පොළ පුපුරැස්ස GK කොට්ඨාශයේ ඊයේ රාත්‍රියේ භූමිකම්පාවක්

ගම්පොළ පුපුරැස්ස GK කොට්ඨාශයේ ඊයේ රාත්‍රියේ භූමිකම්පාවක් වාර්තා වී තිබෙනවා.

දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුපුරැස්ස පොලිස් වසමට අයත් පුපුරැස්ස GK කොට්ඨාශයේ පිහිටි නිවාස සෙලවී භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

ගම්වාසීන් පැවසුවේ ඊයේ රාත්‍රී 12.45 ට පමණ නිවසේ බඩු භාණ්ඩ පොළවට කඩා වැටෙනවාක් මෙන් දැනුනු බවක් හා මහ පොළව සෙලවෙන ආකාරයක් දුටු බවත්ය.

නිවසක බිත්තියක් පුපුරා ගොස් ඇති බවටද වාර්තා වෙනවා.

මෙතරම් කාලයක් මේ ප්‍රදේශයේ මෙවැනි සිදුවීමක් සිදුවී නැති අතර ඊයේ (23) රාත්‍රියේ හදිසි භූ කම්පනයක් ඇති වූ බව එම ප්‍රදේශයේ ජනතාව අප වාර්තාකරු හා පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?