spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුදල් රාජ්‍ය ඇමති ශෙහාන්ට දුරකථනයෙන් මරණ තර්ජන කරපු හැටි

තමන් ඉලක්ක කර ගනිමින් ඊයේ දින නාදුනන පුද්ගලයෙකු විසින් මුදල් අමාත්‍යාංශයට ලබා දුන් දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ආයුධ හෝ පිළිස්සීමක් මගින් තමන්ට ජීවිත හානියක් සිදුකරන බවට ප්‍රකාශයක් සිදු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් එම නිලධාරීන් ඊයේ දිනම කොටුව පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවය.

රටේ පවතින වත්මන් ස්ථාවරත්වය සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් සෘණාත්මක ආකාරයේ පණිවිඩ ලබාදෙමින් ප්‍රචණ්ඩත්වය ඉස්මතු වන ප්‍රකාශ සිදුකරමින් රජය බිය වැද්දීමට උත්සාහා කලද කිසිවිටෙක රජය ඊට බිය නොවන බවත් රජයේ ඉදිරි ගමන්මග වෙනස් කළ නොහැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .

මැතිවරණ ආසන්න වන විට යම් යම් කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට උත්සාහ කළද රටේ ඉදිරි ගමන් මග ජනතාව තීරණය කරනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .

සියලු දෙනාටම ප්‍රජාතන්ත්‍රවාදීව සිය මතය ප්‍රකාශ කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු රජය විසින් පරිසරය නිර්මාණය කර ඇති බවත් එම නිදහස ඇතැම් පුද්ගලයින් අයුතු ලෙස භාවිතා කිරීමට කටයුතු කර ඇති අතර මෙවැනි ප්‍රකාශ නැවත ඇති නොවීමට අවශ්‍ය පියවර ගැනීමට ඊට අදාළ පරීක්ෂණ කටයුතු පොලිසියට බාරදී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙම ඝාතනය සම්බන්ධ ප්‍රකාශය එක් පුද්ගලයෙකු විසින් සිදු කළාද නැතිනම් කණ්ඩායමකගේ බලපෑමක් මත සිදුවූවාද යන්න සොයා බැලීම වැදගත් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?