spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විවාහ ගිවිසගැනීම නතර වූ කෝපයට තරුණයා දහසයේ දැරියගේ ගෙළ කපලා

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මඩිකේරි ප්‍රදේශයේ දී 16 හැවිරිදි දැරියකගේ ගෙළ කපා ඝාතනය කළ පුවතක් එරට මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ දැරිය විවාහ වීමට නියමිතව සිටි පුද්ගලයා විසින් ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

32 හැවිරිදි අදාළ පුද්ගලයා සහ 16 හැවිරිදි දැරියගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය ඊයේ (09) දිනයේ පැවැත්වීමට සූදානම් කර තිබිය දී ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඒ පිළිබඳව තොරතුරක් ලැබී තිබෙනවා.

එම තොරතුර මත ක්‍රියාත්මක වූ නිලධාරීන් එහි ගොස් විවාහ ගිවිසගැනීමේ උත්සවය නවතා දැමීමට කටයුතු කර ඇත්තේ දැරිය බාලවයස්කාරියක් වීම හේතුවෙන්.

එහිදී නිලධාරීන් පවුලේ අයට උපදෙස් දීමෙන් පසු, ඔවුන් උත්සවය අවලංගු කිරීමට එකඟ වී ඇති අතර දැරියට අවුරුදු 18 සම්පූර්ණ වන තෙක් විවාහය කල් දැමීමට ඔවුහු එකඟ වී තිබෙනවා.

එම සිද්ධියෙන් පැය කිහිපයකට පසු දැරිය විවාහ ගිවිස ගැනීමට සිටි ප්‍රකාශ් නැමැති පුද්ගලයා දැරියගේ නිවසට කඩා වැදී ඇගේ දෙමාපියන්ට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් දැරියගේ පියාට සහ මවට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර,පසුව ඔහු දැරිය නිවසින් මීටර් 100ක් පමණ ඇදගෙන ගොස් ඇයගේ හිස ගසා ඝාතනයකර පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඝාතනයට ලක්වූ දැරියගේ මව සහ පියා මේ වනවිට රෝහල් ගතකර ඇති අතර, අපරාධය සිදුකළ සැකකරු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?