විවාහ ගිවිසගැනීම නතර වූ කෝපයට තරුණයා, දහසයේ දැරියගේ ගෙළ කපලා

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මඩිකේරි ප්‍රදේශයේ දී 16 හැවිරිදි දැරියකගේ ගෙළ කපා ඝාතනය කළ පුවතක් එරට මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ දැරිය විවාහ වීමට නියමිතව සිටි පුද්ගලයා විසින් ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

32 හැවිරිදි අදාළ පුද්ගලයා සහ 16 හැවිරිදි දැරියගේ විවාහ ගිවිසගැනීමේ උත්සවය ඊයේ (09) දිනයේ පැවැත්වීමට සූදානම් කර තිබිය දී ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඒ පිළිබඳව තොරතුරක් ලැබී තිබෙනවා.

එම තොරතුර මත ක්‍රියාත්මක වූ නිලධාරීන් එහි ගොස් විවාහ ගිවිසගැනීමේ උත්සවය නවතා දැමීමට කටයුතු කර ඇත්තේ දැරිය බාලවයස්කාරියක් වීම හේතුවෙන්.

එහිදී නිලධාරීන් පවුලේ අයට උපදෙස් දීමෙන් පසු, ඔවුන් උත්සවය අවලංගු කිරීමට එකඟ වී ඇති අතර දැරියට අවුරුදු 18 සම්පූර්ණ වන තෙක් විවාහය කල් දැමීමට ඔවුහු එකඟ වී තිබෙනවා.

එම සිද්ධියෙන් පැය කිහිපයකට පසු දැරිය විවාහ ගිවිසගැනීමට සිටි ප්‍රකාශ් නැමැති පුද්ගලයා දැරියගේ නිවසට කඩා වැදී ඇගේ දෙමාපියන්ට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් දැරියගේ පියාට සහ මවට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, පසුව ඔහු දැරිය නිවසින් මීටර් 100ක් පමණ ඇදගෙන ගොස් ඇයගේ හිස ගසා ඝාතනයකර පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඝාතනයට ලක්වූ දැරියගේ මව සහ පියා මේ වනවිට රෝහල් ගතකර ඇති අතර, අපරාධය සිදුකළ සැකකරු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36