ගම්පහ පුරාම රෝගීන් – සෞඛ්‍ය අංශ නිකුත් කළ තොරතුරු මෙන්න

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (07) දිනයේත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබෙනවා.

කොවිඩ් ආසාදිතයින් 444ක් වාර්තා වී ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස රාගම 98ක්, වත්තල 58ක්, නිට්ටඹුව 26ක්, මහර 35ක්, කැලණිය 32ක්, කටාන 42ක් හා දොම්පේ 43ක් හමුව ඇති බව එම වාර්තාවල සඳහන් .වනවා.

ඊයේ (07) දිනයේ දී මෙරටින් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් 2,646ක් වාර්තා වුණා.

සෞඛ්‍ය අංශ විසින් නිකුත් කරනු ලැබූ ඊයේ දින රෝගීන් වාර්තා වන ආකාරය දැක්වෙන සටහන පහතින් කියවිය හැකියි.