ගනේමුල්ල සංජීව ඝාතනයට ජූලියන් අත්අඩංගුවට

අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව අධිකරණය තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අදාළ සැකකරු ඊයේ (21) මාදම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අඩාල සැකකරු අධිකරණ සංකීර්ණයේ පිහිටි ශාලාවන් පෙන්වා සිටිමින් මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජූලියන් මාදවන් නැමැති 23 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු හෙලමුතු සෙවන, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඒ, අනුව මේ දක්වා මෙම අපරාධය සම්බන්ධයෙන් 14 දෙනෙක් අත්අඩංගුවට බෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.

ගනේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී වෙඩිතබා ඝාතනය කෙරුනේ පෙබරවාරි මස 19 වනදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?