ගනේමුල්ල සංජීවගේ සිද්ධියට ඇල්ලූ කොස්තාපල්ට මාස 05කට පසුව ඇප (වීඩියෝ)

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයක් තුළ දී ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට පලායාමට මෝටර් රථයක් ලබා දී ආධාර අනුබල දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාස පහකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයෙකු වන හසිත රොෂාන් නමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (16) නියෝග කළා.

සැකකරුට රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණ අතර සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට ද ඔහුට අධිකරණයෙන් අවවාද කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මාස පහකට අධික කාලයක් රක්ෂිත බන්ධදනාගාරගත කර සිටි සැකකරුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥ මර්වින් ද සිල්වා මහතා කොළඹ මහාධිකරණයට ගොනුකර තිබූ පෙත්සමත් සලකා බැලීමෙන් අනතුරුව එම අධිකරණය මගින් ඔහුට ඇප අනුමත කර තිබුණා.

ඒ අනුව මහාධිකරණය මගින් ලබාදී තිබූ ඇප කොන්දේසි සැකකරුට කියවා දීමෙන් අනතුරුව මහේත්‍රාත්වරිය ඔහුව එසේ ඇප මත මුදා හරින ලෙසට නියම කළා.

බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක රැකවල් යටතේ රැගෙන ඒමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58