ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනය කළ බවට සැකපිට අත් අඩංගුවට ගැනුණ සැකකරුවන් ව අධිකරණ නියමයන් අනුව හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ ද, එම සැකකරුවන් කවුරුන් දැයි සාක්ෂිකරුවන්ට නිශ්ච්තව හඳුනා ගැනීමට නොහැකි වීම පිළිබඳ ව සැකයක් පවතින බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.
අද (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ, එලෙස හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී සැකකරුවන් ව හඳුනා නොගත්තේ කිසියම් පාර්ශ්වයක බලපෑමකට නතුව දැයි පොලිසියේ සැකය යොමු වී ඇති බවයි.
කෙසේවෙතත් ඒ පිළිබඳ ව පුළුල් විමර්ශන සිදු කරන බව ද වැඩබලන පොලිස්පතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළා.
එමෙන්ම පොලිසියට විමර්ශන කටයුතු සිදු කිරීමට අනිවාර්‍යයෙන්ම මහජන සහාය අත්‍යවශ්‍ය බවත්, එය නොමැති ව පොලිසියට මෙම ක්‍රියාවලිය තනිව සිදු කිරීමට නොහැකි බව ද වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියා.





