ගනේමුල්ල සංජීවගේ ඝාතකයා ඇල්ලීමේ පරීක්ෂණ කටයුතු CCD වෙත – වැඩබලන පොලිස්පති

කොළඹ – අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ චූදිතයෙකු ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) භාර කර තිබෙනවා.

මෙම තීරණය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අද (19) පෙරවරු 8.45ට පමණ ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවා.

ඉන්පසුව චූදිත සංජීව කුමාර සමරරත්නන (ගනේමුල්ල සංජීව) නමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වන විට දී නීතිඥවරයෙකු ලෙස වෙස් වලාගෙන සිටි අයෙකු විසින් රිවෝල්වරයකින් සිදු කරන ලද වෙඩි තැබීමකින් චූදිතයා මියගියා.

මේ වනවිටත් වෙඩික්කරු පලා ගොස් ඇති අතර ඔහු ව අත් අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට මෙහෙයුම් බලය පවරා ඇති බවයි වාර්තා වන්නේ.

ගනේමුල්ල සංජීව යනු මෙරට අපරාධ කල්ලි අතර කුප්‍රකටත්වයක් උසුලන අයෙක් වන අතර ඔහු මෙරට තුළ දී ඝාතන 39කට අධික සංඛ්‍යාවක් මෙහෙයවා ඇති අයෙක් බවයි හැඳින්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58