ගත වූ දිනය තුළ (මැයි 27) සුළු පරිමාණ, මධ්‍ය පරිමාන හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව හෙරොයින් ග්‍රෑම් 177කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 164ක් අත් අඩංගුවට ගැනුණා.
අයිස් මත්ද්‍රව්‍ය සමග ඊයේ දිනය තුළ සැකකරුවන් 380 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පැවසුවේ.
ගංජා හා මත්කරල් ද මෙම වැටලීම්වල දී පොලිස් භාරයට ගැනුණා.
ඒ අනුව සමස්ත මත්ද්‍රව්‍ය වැටලීම්වලින් සැකකරුවන් 528 දෙනෙකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





