‘ගගන්යාත්‍රී’ කවුදැයි නම් කෙරේ

ඉන්දියාවේ ප්‍රථම මානව අභ්‍යවකාශ ගමන සඳහා 38 හැවිරිදි ගෲප් කපිතාන් ශුභාන්ෂු ශුක්ලා තෝරා ගෙන තිබෙනවා.

ඉන්දියා – එක්සත් ජනපද ඒකාබද්ධ වැඩපිළිවෙළක් වන Axiom-4 මෙහෙයුම සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත පියාසර කරන ප්‍රධාන ගගනගාමියා ලෙස ශුක්ලා තෝරා ගත් බව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) තහවුරු කළා.

මේ සඳහා සිව්දෙනෙක් තෝරා ගෙන සිටි අතර ඔවුන් ගගන්යාත්‍රී නම් අන්වර්ථ නමකින් මේ දක්වා හඳුන්වනු ලැබුවේ නිශ්චිතවම අභ්‍යාවකාශයට යන්නේ කවුදැයි හෙළි නොකරමින්.

ගගනගාමීන් හතර දෙනෙක්, ඉන්දියානු ගුවන් හමුදාවේ ගෲප් කපිතාන්වරුන් වන ප්‍රශාන්ත් බාලක්‍රිෂ්ණන් නායර්, අජිත් ක්‍රිෂ්ණන් සහ අංගද් ප්‍රතාප්, සහ ශුභාන්ෂු ශුක්ලා ගගන්යාන් මෙහෙයුම සඳහා පසුගිය වසර පහක කාලය තුළ රුසියානු සහ ඉන්දියානු පහසුකම්වල පුළුල් ලෙස පුහුණුව ලබමින් සිටිනවා.

ශුක්ලාට අමතරව එම මෙහෙයමුට ඇමෙරිකා, පෝලන්ත සහ හංගේරියා ජාතිකයන් තිදෙනෙක් ඇතුළත්.

ISRO පැවසුවේ Axiom-4 මෙහෙයුම සඳහා නම් කරන ලද ගගනගාමීන් අගෝස්තු මුල් සතියේ පුහුණුවීම් ආරම්භ කරන බවයි.

“මෙම මෙහෙයුමේදී ලබාගත් අත්දැකීම් ඉන්දියාවේ මානව අභ්‍යවකාශ වැඩසටහනට ප්‍රයෝජනවත් වනු ඇති අතර, ISRO සහ NASA අතර මානව අභ්‍යවකාශ පියාසර සහයෝගීතාව ශක්තිමත් කරනු ඇත,” ISRO නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15