ගංවතුර සම්බන්ධයෙන් දිල්ලියට දොස් පැවරූ බංග්ලාදේශයේ කනස්සල්ල ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

ඉන්දියානු වේල්ලක වාන් දොරටු විවෘත කිරීම නිසා ඇති වූ බව කියන හදිසි ගංවතුර සම්බන්ධයෙන් බංග්ලාදේශය තුළ විවේචනවලට මුහුණ දුන් ඉන්දියාව, එම ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කළ අතර, ගංවතුරට හේතු වී ඇත්තේ ජල පෝෂක ප්‍රදේශවලට අනවරත වර්ෂාපතනයක් ලැබීම බව ඉන්දියාව පවසනවා.

බංග්ලාදේශයේ තොරතුරු සහ විකාශන උපදේශක නහිඩ් ඉස්ලාම් චෝදනා කළේ, ඉන්දියාව කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව වාන් දොරටු විවෘත කළ බවයි.

බංග්ලාදේශ විරෝධතා ව්‍යාපාරයේ ප්‍රමුඛ ශිෂ්‍ය නායකයෙකු වන ඉස්ලාම්, සිය “ජන විරෝධී ප්‍රතිපත්තිය” නතර කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටියා.

බංග්ලාදේශයේ ජනතාව සහ සිසුන් “ඉන්දියාවේ මෙම ප්‍රතිපත්තිය සමඟ කෝපයෙන් සිටින” බවත් ඔහු පවසා තිබෙනවා.

බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 08කට ගංවතුර හේතුවෙන් මිලියන තුනකට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ ත්‍රිපුරයේ දුම්බුර් වේල්ලේ වාන් දොරටු විවෘත කිරීම නිසා ගංවතුර ඇති වූ බවයි.

නමුත් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) “බංග්ලාදේශයේ ප්‍රකාශ කරන කනස්සල්ල” පිළිගෙන ඇති අතර, දුම්බුර් වේල්ල විවෘත කිරීම නිසා ගංවතුර ඇති වූ බව පැවසීම “නිවැරදි නොවේ”, යැයි දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.

ඉන්දියාව සහ බංග්ලාදේශය යන දෙරටටම විහිදෙන Gumti ගඟේ ජල පෝෂක ප්‍රදේශ “පසුගිය දින කිහිපය තුළ මේ වසරේ අධිකම වර්ෂාපතනය අත්විඳින ලද” බව එය පැහැදිලි කළා.

“බංග්ලාදේශයේ ගංවතුර ඇතිවීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ වේල්ලට පහළින් ඇති මෙම විශාල ජල පෝෂක ප්‍රදේශවල ජලයයි” යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46