ගංවතුර සම්බන්ධයෙන් දිල්ලියට දොස් පැවරූ බංග්ලාදේශයේ කනස්සල්ල ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

ඉන්දියානු වේල්ලක වාන් දොරටු විවෘත කිරීම නිසා ඇති වූ බව කියන හදිසි ගංවතුර සම්බන්ධයෙන් බංග්ලාදේශය තුළ විවේචනවලට මුහුණ දුන් ඉන්දියාව, එම ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කළ අතර, ගංවතුරට හේතු වී ඇත්තේ ජල පෝෂක ප්‍රදේශවලට අනවරත වර්ෂාපතනයක් ලැබීම බව ඉන්දියාව පවසනවා.

බංග්ලාදේශයේ තොරතුරු සහ විකාශන උපදේශක නහිඩ් ඉස්ලාම් චෝදනා කළේ, ඉන්දියාව කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව වාන් දොරටු විවෘත කළ බවයි.

බංග්ලාදේශ විරෝධතා ව්‍යාපාරයේ ප්‍රමුඛ ශිෂ්‍ය නායකයෙකු වන ඉස්ලාම්, සිය “ජන විරෝධී ප්‍රතිපත්තිය” නතර කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටියා.

බංග්ලාදේශයේ ජනතාව සහ සිසුන් “ඉන්දියාවේ මෙම ප්‍රතිපත්තිය සමඟ කෝපයෙන් සිටින” බවත් ඔහු පවසා තිබෙනවා.

බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 08කට ගංවතුර හේතුවෙන් මිලියන තුනකට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ ත්‍රිපුරයේ දුම්බුර් වේල්ලේ වාන් දොරටු විවෘත කිරීම නිසා ගංවතුර ඇති වූ බවයි.

නමුත් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) “බංග්ලාදේශයේ ප්‍රකාශ කරන කනස්සල්ල” පිළිගෙන ඇති අතර, දුම්බුර් වේල්ල විවෘත කිරීම නිසා ගංවතුර ඇති වූ බව පැවසීම “නිවැරදි නොවේ”, යැයි දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.

ඉන්දියාව සහ බංග්ලාදේශය යන දෙරටටම විහිදෙන Gumti ගඟේ ජල පෝෂක ප්‍රදේශ “පසුගිය දින කිහිපය තුළ මේ වසරේ අධිකම වර්ෂාපතනය අත්විඳින ලද” බව එය පැහැදිලි කළා.

“බංග්ලාදේශයේ ගංවතුර ඇතිවීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ වේල්ලට පහළින් ඇති මෙම විශාල ජල පෝෂක ප්‍රදේශවල ජලයයි” යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?