AFC Banner
Empty Ad
Empty Ad

ගංවතුරේ විනෝද වෙන්න ගිය තරුණයා විදුලිසැර වැදී ජීවිතක්ෂයට

පවතින වැසි තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුරේ විනෝද වෙමින් සිටි තරුණයෙක් විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බුලත්සිංහල ප්‍රදේශයේ තරුණයින් පිරිසක් උණරිටක ආධාරයෙන් ගංවතුරේ බෝට්ටු පදිමින් සිටිය දී එම රිට අධිබලැති විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදීමෙන් තරුණයෙන් මෙලෙස මියගොස් ඇති බවයි බුලත්සිංහල පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඊයේ (03) අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බුලත්සිංහල, දිවලකඩ, කළුගල ප්‍රදේශයේ පදිංචිව සිටි දමිත් කුමාර නැමැති 22 හැවිරිදි වියේ පසුවන තරුණයෙක්.

මෙහිදී විදුලි සැර වැදීමෙන් පසු බෝට්ටුවේ සිටි අනෙක් තරුණයි පිරිස ද බෝට්ටුව මත වැටී ඇති අතර, ඔවුන්ට හානියක් සිදුව නොමැති බවයි තොරතුරු වාර්තා වුණේ.

මියගිය තරුණයාගේ මෘත ශරීරය බුලත්සිංහල රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණයා සමඟ බෝට්ටු පැදීමට එක් වූ අනෙකුත් තරුණයන්ගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?