ගංවතුරේ විනෝද වෙන්න ගිය තරුණයා විදුලිසැර වැදී ජීවිතක්ෂයට

පවතින වැසි තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුරේ විනෝද වෙමින් සිටි තරුණයෙක් විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බුලත්සිංහල ප්‍රදේශයේ තරුණයින් පිරිසක් උණරිටක ආධාරයෙන් ගංවතුරේ බෝට්ටු පදිමින් සිටිය දී එම රිට අධිබලැති විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදීමෙන් තරුණයෙන් මෙලෙස මියගොස් ඇති බවයි බුලත්සිංහල පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඊයේ (03) අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බුලත්සිංහල, දිවලකඩ, කළුගල ප්‍රදේශයේ පදිංචිව සිටි දමිත් කුමාර නැමැති 22 හැවිරිදි වියේ පසුවන තරුණයෙක්.

මෙහිදී විදුලි සැර වැදීමෙන් පසු බෝට්ටුවේ සිටි අනෙක් තරුණයි පිරිස ද බෝට්ටුව මත වැටී ඇති අතර, ඔවුන්ට හානියක් සිදුව නොමැති බවයි තොරතුරු වාර්තා වුණේ.

මියගිය තරුණයාගේ මෘත ශරීරය බුලත්සිංහල රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණයා සමඟ බෝට්ටු පැදීමට එක් වූ අනෙකුත් තරුණයන්ගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03