ගංගා ද්‍රෝණි කිහිපයකට ගංවතුර පූර්ව අනතුරු ඇඟවීමක්

අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඊයේ (07) රාත්‍රී 11ට නිකුත් කළ මෙම නිවේදනය මඟින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අදාළ දිස්ත්‍රික්කවල පිහිටි ගංගා නිම්න ආශ්‍රිත පහත්බිම්වල සහ ගංගා ආසන්නයේ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද හා උතුරු පළාත් තුළ පිහිටි ගංගා ද්‍රෝණිවලට වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින අතර ඒ අනුව මෙම තත්ත්වය ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?