ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළට – දිස්ත්‍රික්ක 08කට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

මේ වනවිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහවැලි, කැලණි, කළු, ගිං, නිල්වල් යන ගංගාවල සහ මා ඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් මේ වන විට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පහත් බිම්වල වෙසෙන ජනතාවගෙන් දැඩි අවදානයනේ පසුවන ලෙස ඉල්ලීමක් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර දිස්ත්‍රික් අටක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

‍කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණැගල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික් සදහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.

එම දිස්ත්‍රික් අට අතුරින් මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ද නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිරිත දිග මෝසම සක්‍රීයවීමත් සමඟ මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය දිවයිනට බලපා ඇති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03