ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ අක්‍රමිකතා හේතුවෙන් මිලියන 3416ක පාඩුවක් (ඡායාරූප)

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අක්‍රමිකතා සම්බන්ධයෙන් හේතුවෙන් මේ වනවිට සංස්ථාවට රුපියල් මිලියන 3416ක අලාභයක් සිදු ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම පාඩුව සිදු ව ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ගේ වරදින් බවටත් ඊට ඔවුන් වගකිව යුතු බවටයි කෝප් කමිටුව අවධාරණය කර ඇත්තේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදු ව ඇති මෙම පාඩුව පිළිබඳ ව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) කමිටුවේ අවධානය යොමු ව තිබෙනවා.

ප්‍රමාණය ඉක්මවමින් බෙදුම්කරුවන්ට කොමිස් ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය මෙහිදී හිමිවුණා.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශය විසින් පිරවුම්හල් හිමියන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට වසර 08කට වඩා කාලයක් හිතාමතා ප්‍රමාද කිරීම හේතුවෙන් 2014 – 2022 කාලය තුළ සංස්ථාවට රුපියල් මිලියන. 3,416 ක අලාභයක් සිදුකර ඇති බවත්, ඒ අනුව මහා පරිමාණ වංචාවක් සංස්ථාව වෙත සිදු කිරීම සම්බන්ධයෙන් අලෙවි අංශය වගකිව
යුතු බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡාවට ලක් කෙරුණු බවයි වාර්තා වන්නේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ ව සාකච්ඡා කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?