ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ අක්‍රමිකතා හේතුවෙන් මිලියන 3416ක පාඩුවක් (ඡායාරූප)

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අක්‍රමිකතා සම්බන්ධයෙන් හේතුවෙන් මේ වනවිට සංස්ථාවට රුපියල් මිලියන 3416ක අලාභයක් සිදු ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම පාඩුව සිදු ව ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ගේ වරදින් බවටත් ඊට ඔවුන් වගකිව යුතු බවටයි කෝප් කමිටුව අවධාරණය කර ඇත්තේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදු ව ඇති මෙම පාඩුව පිළිබඳ ව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) කමිටුවේ අවධානය යොමු ව තිබෙනවා.

ප්‍රමාණය ඉක්මවමින් බෙදුම්කරුවන්ට කොමිස් ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය මෙහිදී හිමිවුණා.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශය විසින් පිරවුම්හල් හිමියන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට වසර 08කට වඩා කාලයක් හිතාමතා ප්‍රමාද කිරීම හේතුවෙන් 2014 – 2022 කාලය තුළ සංස්ථාවට රුපියල් මිලියන. 3,416 ක අලාභයක් සිදුකර ඇති බවත්, ඒ අනුව මහා පරිමාණ වංචාවක් සංස්ථාව වෙත සිදු කිරීම සම්බන්ධයෙන් අලෙවි අංශය වගකිව
යුතු බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡාවට ලක් කෙරුණු බවයි වාර්තා වන්නේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ ව සාකච්ඡා කෙරුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17