කෝලි 20-20 පිටියෙන් සමුගනී

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය ඊයේ රාත්‍රියේ අවසන් වුණේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම ශූරතාව හිමිකර ගනිමින්.

අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 07කින් පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කළා.

මෙම ජයග්‍රහණයෙන් පසු සුපිරි ඉන්දීය පිතිකරු විරාට් කෝලි ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කළා.

අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන ලබාගැනීමෙන් පසු කෝලි සිය සමුගැනීම නිවේදනය කරනු ලැබුවා.

එහිදී ඔහු සඳහන් කළේ මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය තම ක්‍රිකට් දිවියේ අවසන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විරාට් කෝලි සඳහන් කළේ,

“මේක මගේ අවසන් විස්සයි විස්ස ලෝක කුසලානය, අපට ලබාගැනීමට අවශ්‍ය වූණේ මෙයයි.මේක තමයි මම ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් විස්සයි විස්ස තරගය, මේක ප්‍රසිද්ධ රහසක් අපි ,මේ තරගය පැරදුනත් මම මේ තීරණය ගන්න හිටියේ. ඊළඟ පරම්පරාවට ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට මේක තමයි කාලය. ICC තරගාවලියක් ජයග්‍රහණය කරනතෙක් අපි බොහෝම කාලයක් බලා සිටියා”

මේ අතර ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ද ජගත් විස්සයි විස්ස පිටියෙන් සමුගන්නා බව මේ සමඟ නිවේදනය කිරීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
9
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?