කෝලි සහ ශර්මා නවසීලන්තයට එරෙහි ඉන්දීය 20-20 සංචිතයෙන් හැලෙයි

නවසීලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතයට ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ශර්මා සහ විරාට් කෝලි නම්කර නොමැති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව සමඟ නිමා වූ විස්සයි විස්ස තරගාවලිය සඳහා ද ඔවුන් දෙදෙනා සහභාගී වූයේ නැහැ.

එහිදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හිමි වූ අතර නවසීලන්තය සමඟ තරගාවලියේ දීත් ඔහු විසින් ඉන්දීය පිළ මෙහෙයවනු ලබනවා.

මේ අතර, ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය තුළ පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ අක්සාර් පටෙල් ද මෙම සංචිතයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තරගාවලියට එක් නොවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂා පටෙල් ද මෙම සංචිතයට ඇතුළත්ව නොමැති අතර, ඔහු වෙනුවට රංජි කුසලානයේ දී පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වූ ප්‍රිත්වි ෂෝ ඉන්දීය සංචිතයට කැඳවා තිබෙනවා.

ඉන්දීය 20-20 සංචිතය පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58


?