spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝලි සහ ශර්මා නවසීලන්තයට එරෙහි ඉන්දීය 20-20 සංචිතයෙන් හැලෙයි

නවසීලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතයට ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ශර්මා සහ විරාට් කෝලි නම්කර නොමැති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව සමඟ නිමා වූ විස්සයි විස්ස තරගාවලිය සඳහා ද ඔවුන් දෙදෙනා සහභාගී වූයේ නැහැ.

එහිදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හිමි වූ අතර නවසීලන්තය සමඟ තරගාවලියේ දීත් ඔහු විසින් ඉන්දීය පිළ මෙහෙයවනු ලබනවා.

මේ අතර, ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය තුළ පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ අක්සාර් පටෙල් ද මෙම සංචිතයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තරගාවලියට එක් නොවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂා පටෙල් ද මෙම සංචිතයට ඇතුළත්ව නොමැති අතර, ඔහු වෙනුවට රංජි කුසලානයේ දී පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වූ ප්‍රිත්වි ෂෝ ඉන්දීය සංචිතයට කැඳවා තිබෙනවා.

ඉන්දීය 20-20 සංචිතය පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?