කෝලිගේ ක්‍රිකට් දිවියේ තීරණාත්මක තරගයක් අද

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (02) පැවැත්වෙනවා.

ඉන්දියාව සහ නවසීලන්තය අතර මෙම තරගය පැවැත්වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

මේ වනවිටත් ඉන්දියාව සහ නවසීලන්තය තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබාතිබීම හේතුවෙන් තරගයේ ජය පරාජය දෙපිළටම එතරම් වැඩි බලපෑමක් එල්ල කරන්නේ නැහැ.

මෙම තරගය සඳහා එක්වන ඉන්දියාව සහ නවසීලන්තය තමන් අවසන් වරට සහභාගී වූ එක්දින තරග පහම ජයගෙන ජයග්‍රාහි මානසිකත්වයකින් පසුවනවා.

මේ අතර ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි අද දිනයේ සිය 300 වන ජාත්‍යන්තර එක්දින තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

2008 සිට 2025 මේ දක්වා කාලය තුළ කෝලි එක්දින තරග 299ක් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර, එක්දින ලකුණු 14085ක් රැස්කරගෙන සිටිනවා.

ඒ, අනුව ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 300 සීමාව සම්පූර්ණ කළ 07 වන පිතිකරුවා බවට කෝලි පත්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
10
+1
2
+1
0
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41