කෝලිගේ ක්‍රිකට් දිවියේ තීරණාත්මක තරගයක් අද

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (02) පැවැත්වෙනවා.

ඉන්දියාව සහ නවසීලන්තය අතර මෙම තරගය පැවැත්වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

මේ වනවිටත් ඉන්දියාව සහ නවසීලන්තය තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබාතිබීම හේතුවෙන් තරගයේ ජය පරාජය දෙපිළටම එතරම් වැඩි බලපෑමක් එල්ල කරන්නේ නැහැ.

මෙම තරගය සඳහා එක්වන ඉන්දියාව සහ නවසීලන්තය තමන් අවසන් වරට සහභාගී වූ එක්දින තරග පහම ජයගෙන ජයග්‍රාහි මානසිකත්වයකින් පසුවනවා.

මේ අතර ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි අද දිනයේ සිය 300 වන ජාත්‍යන්තර එක්දින තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

2008 සිට 2025 මේ දක්වා කාලය තුළ කෝලි එක්දින තරග 299ක් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර, එක්දින ලකුණු 14085ක් රැස්කරගෙන සිටිනවා.

ඒ, අනුව ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 300 සීමාව සම්පූර්ණ කළ 07 වන පිතිකරුවා බවට කෝලි පත්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
10
+1
2
+1
0
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?