කෝපා කමිටුවෙන් කර්මාන්ත අමාත්‍යංශයට උපදෙසක්

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක සිට පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ තතතුර පවතින නීතිමය ප්‍රතිපාදන ය‍ටතේ වහාම පුරවන ලෙසට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව කර්මාන්ත අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

රාජ්‍ය තොරතුරු පෞද්ගලික සමාගමක් සතුව පැවතීම අවධානම් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

සමාගම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කිරීමට අදාළ මෘදුකාංගය (e – Roc පද්ධතිය) සම්පාදනය කළ සමාගම සමග සාකච්ජා කර නව ගිවිසුමකට එළඹීමේ හැකියාව සොයා බලන ලෙස ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබෙනවා.

රුපියල් මිලියන 85ක පමණ වියදමින්, සමාගම් ලියාපදිංචි යේදී සිදු කළේ යැයි සඳහන් වු ලියකියවිලි ස්කෑන් (scan) කිරීමට අදාළව සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙසට ද උපදෙස් ලබාදෙනු ලැබුවා.

ආයතනයේ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය නීති රීති සකසා ගැනීමට සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ පනත සංශෝධනය කරගැනීමට කටයුතු කරන ලෙසටයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර මෙහිදී සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ 2019,2020, සහ 2021 ගිණුම් වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ විමසීම සිදු කෙරුණා.

මෙහිදී සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක සිට පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ තනතුරට අදාළ බඳවා ගැනීම සිදු නොකිරීම පිළිබඳව සභාපතිවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවා. එම තනතුරට අදාළව බඳවාගැනීම් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද ලැබී ඇති බවයි මෙහිදී අනාවරණ වූයේ.

කෙසේ වෙතත් මෙම තොරතුරු තාක්ෂණ,අධ්‍යක්ෂ තතනතුර සඳහා අනුමත කර තිබෙන වැටුප හේතුවෙන් කිසිවෙකුත් ඒ සඳහා අයදුම් නොකරන බව අනාවරණය වී තිබෙනවා. අදාළ කරුණු සළකා බැලීමෙන් පසු සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ,අධ්‍යක්ෂ තනතුර සඳහා පවතින නීතිමය ප්‍රතිපාදන ය‍ටතේ, මේ කාලසීමාවේ වෙළඳපොලේ එම තනතුර සඳහා පවතින වැටුපට සුදුස්සෙකු බඳවා ගන්නා ලෙසටයි කාරක සභාව උපදෙස් ලබාදෙනු ලැබුවේ.

මේ අතර සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පරිගණක ගත කිරීමට අදාළ මෘදුකාංගය (e – Roc පද්ධතිය) පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා වුණා. එහිදී සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දත්ත, එම e – Roc පද්ධතියට ලබා දී ඇති පසුබිමක පරිගණක පද්ධතිය පෞද්ගලික සමාගමක් මගින් හැසිරවීමේ අවධානම ගැන කාරක සභාව නිලධාරීන්ගේ අවධානයට යොමු කරනු ලැබුවා. ඒ අනුව එම පරිගණක පද්ධතිය සම්පාදනය කළ සමාගම සමග නව ගිවිසුමකට හෝ පැමිණ දත්තවල සුරක්ෂිතතාව හා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවලට ගැලපෙන ලෙසට සේවය ලබා ගැනීමටයි කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමාගම් වලින් අයවිය යුතු හිඟ මුදල් අයකර නොගැනීම සම්බන්ධයෙන් ද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසනු ලැබුවා. එහිදී සභාපතිවරයා විසින් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමස්ත සමාගම් ගණන, මේ මොහොත වන විට ලියාපදිංචි සමාගම්වලින් සක්‍රීයව පවතින සමාගම් ගණන, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට සමාගම් කොපමණ ප්‍රමාණයකින් හිඟ මුදල් කොපමණ ප්‍රමාණයක් අයකර ගත යුතුව තිබෙනවාද යන්න ප්‍රශ්න කළා. ඒ සම්බන්ධ තොරතුරු පූර්ණ ලෙස ලබාගැනීම සඳහා ක්‍රමවත් දත්ත පද්ධතියක් නොමැති බව පෙන්වාදුන් නිලධාරීන් සිදුව ඇති අඩුපාඩු නිවැරදි කරගැනීමට ඉදිරියේදී ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන බවයි කියාසිටියේ. එමෙන්ම වර්තමානය වනවිට සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති සමාගම්වලින් සක්‍රීයව පවතින සමාගම් හඳුනාගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරගැනීමට ද සභාපතිවරයා උපදෙස් ලබා දුන්නා.

රුපියල් මිලියන 85ක පමණ වියදමින්, සමාගම් ලියාපදිංචියේදී අදාළ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීම සඳහා ස්කෑන් (scan) කර ඇතැයි පැවසුණු ලියකියවිලි සම්බන්ධයෙන් ද කාරක සභාව තුළ සාකච්ජා වී තිබෙනවා. එහිදී ස්කෑන් (scan) කර ඇති ලියකියවිලිවලින් සියලුම ලියකියවිලි පද්ධතිය සඳහා ඇතුලත් කර නොමැති බවත් අවශ්‍යතාවය මත එම සියලු ලියකියවිලි පද්ධතියට ඇතුලත් කරන බව අදාළ නිලධාරීන් ප්‍රකාශ කළා. සමාගම් ලියාපදිංචියේදී සිදු කළ ලියකියවිලි ස්කෑන් කිරීමට අදාළව සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසට සභාපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර රජයේ සමාගම් ලියාපදිංචි කිරීමේදී පෞද්ගලික නම්වලින් ලියාපදිංචි කිරීම නිසා මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන්ද සාකච්ඡා වුණා. ඒ අනුව දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක පරිගණක පද්ධතිය තුලින්ම එම ගැටලුව නිරාකරණය කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද කාරක සභාව උපදෙස් ලබා දෙනු ලැබුවා. එමෙන්ම ආයතනයේ ක්‍රියාකාරිත්වයට බලපාන ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කරගැනීමට අවශ්‍ය නීති රීති සකසා ගැනීමට සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්ත මේන්තුවේ පනත සංශෝධනය කරගැනීමටද කටයුතු කරන ලෙසටයි සභාපතිවරයා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03