කෝපා කමිටුවට වසර 100යි

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝපා’ කමිටුව ස්ථාපිත කර හෙට (17) දිනට වසර 100ක් සපිරෙනවා.

ඒ, වෙනුවෙන් පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය හෙට (17) පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙහි පැරණිතම මූල්‍ය අධීක්ෂණ කාරක සභාව ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සැළකෙනවා.

වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතිය අනුගමනය කරමින් මෙම කාරක සභාව ස්ථාපිත කර ඇති අතර,ඊ.ආර්. තම්බිමුත්තු මැතිතුමා විසින් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට 1921 ඔක්තෝබර් 05 වැනි දින ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පිහිටුවනු ලැබුවා.

1923 සැප්තැම්බර් 05 වැනි දින කාරක සභාවක් පත්කර මෙහි පළමු රැස්වීම 1923 ඔක්තෝබර් 17 වැනි දින පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත් පූර්ණ බලතල සහිත රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවක් පිහිටවුයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 125 යටතේ 1948 වර්ෂයේදීයි.

ආරම්භයේ සිට මේ දක්වා සභාපතිවරු 33 දෙනෙක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මෙහෙයවා ඇති අතර, වර්තමානයේ සභාපති ධුරය හොබවන්නේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින්.

වර්තමානයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව 31 ක්.

රාජ්‍ය මුදල් සම්බන්ධ වගවීම සහතික කිරීමෙහිලා සහය වීමෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරනු ලබනවා.

රාජ්‍ය ආයතන විගණනය කර විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවන් කාරක සභාවෙහි විමර්ශන කටයුතු සඳහා පදනම සපයන්නු ලබනවා.

කෙසේ වෙතත්, විගණකාධිපතිවරයාගේ වාර්තාවන් හි අඩංගු නොවන නමුත් රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කාරක සභාවට කිසිදු බාධාවක් නැහැ.

2023 අය වැය ඇස්තමේන්තු අනුව ආසන්න වශයෙන් රාජ්‍ය ආයතන 835ක් මෙම කාරක සභාවෙහි අධීක්ෂණය යටතේ පවතිනවා.

කෙසේ වෙතත් දැනට පවත්නා කාරක සභාවට කැඳවීමේ ක්‍රමවේදයට අමතරව ආයතන 835ක් පමණ වන සංඛ්‍යාවක් කාරක සභාව හමුවට කැඳවීම අපහසු කාර්යයක් බැවින්, මාර්ගගත ප්‍රශ්නාවලීන් උපයෝගී කර ගනිමින් ඇගයීම්
ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ආරම්භයේ සිට මේ දක්වා සාක්ෂාත් කරගත් සියලු අරමුණුවල ප්‍රතිලාභ මෙරට පොදු මහජනතාවට ලැබී තිබෙනවා.

වර්තමාන සභාපති, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ වඩා ඵලදායීව ඉහළ කාර්ය සාධනයන් වාර්තා කළ ආයතන තෝරා ගනිමින් ඔවුන්ව තව තවත් දිරිගැන්වීම වෙනුවෙන් සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානයන් ද සිදුකෙරෙනවා.

අට වැනි පාර්ලිමේන්තුවේදී, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට අනුව කාරක සභා රැස්වීම් මාධ්‍ය වෙත විවෘත කිරීම සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49

?